ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ අද පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ පැය 12 ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදා හරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. මේ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇළ, කටුනායක, සීදුව යන නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටුනායක, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.