කොළඹ අළුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ඊයේ ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන අධිකරණ පරිශ්‍රයට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් සැකකාර කාන්තාව හඳුනාගැනීම සදහා මහජන සහය අපේක්ෂා කරන බවයි.
ඇය කටුවැල්ලේගම, ජයමාවත, මීගමුව පාරේ අංක 243/1 ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති වයස අවුරුදු 25 ක කාන්තාවක බවයි පොලිසිය සදහන් කරන්නේ.
සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා ඇයගේ ඡායාරූප ද මේ වන විට මාධ්‍ය වෙත යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ 071-8591727 දුරකථන අංකය හෝ කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති 071-8591735 යන දුරකථන අංක අමතා ඒ බව දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.