ගත වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම උෂ්ණත්වය රත්පුරය දිස්තික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය සෙල්සියස් අංශක 36.3 ක් බවයි කාලගුණ අංශ සදහන් කළේ.
එමෙන්ම කටුගස්තොටින් සෙල්සියස් අංශක 35.6 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබූ අතර අනුරාධපුර ප්රදේශයෙන් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.5 ක්.
එමෙන්ම කොළඹ ප්රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.3 ක් බවයි කාලගුණ දත්තවල සටහන් වුණේ.