මේ වසරේ ගත වු පළමු මාස 06 තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,022ක් ලැබී ඇති බවයි.
එම කාලය තුළ වැටලීම් 54ක් සිදුකර ඇති අතර ඉන් සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් දසදෙනෙකු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරින් 5 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු, ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින් දෙදෙනෙකු වන බව ද සඳහන්.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මීට අමතරව සිවිල් පුද්ගලයින් 6 දෙනෙකු ද අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් මේ වසරේ ගත වූ පළමු මාස 6 තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම මේ වසරේ ගත වු කාලය තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ අධිකරණ වල සැකකරුවන් 60 දෙනෙකුට එරෙහිව නඩු 50ක් ගොනුකර තිබෙනවා.