මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා ඊයේ පෙරවරු 6.00 ට නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි.
අත්තනගලු ඔය ඉවුරු ආසන්නයේ සිටින අය සුරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම සහ පහත් බිම්වල ගමන් කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවත්, ගංවතුර අවදානම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආපදා කළමනාකරණ අංශවලින්ද ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













