ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරන බව අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.
වනජීවී නිලධාරීන්ට ඇති ගැටලුවලට විසඳුම් ලබාදෙමින් එම සේවාව පුළුල් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අමාත්‍ය ධම්මික පටබැදි මහතා මෙම අදහස් පළකළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවේදීයි.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති එම හමුවේදී වනජීවී නිලධාරීන්ගේ ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
හානියට පත් අලිවැට ප්‍රතිසංස්කරණය සහ අලි මිනිස් ගැටුම වැලැක්වීමට ගතයුතු විසඳුම් පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.













