පාකිස්තානයේ ලාහෝර් නගරයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමන ලාහෝර් නුවරට බලාපා ඇති ගංවතුර හේතුවෙන් තුවා ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අධික මෝසම් වර්ෂාපතනය හේතුවෙන් මහාමාර්ග රැසක් මෙන්ම පහත්බිම් ජලයෙන් යටවීමට ලක්වුණා.
පාකිස්තානයේ පළාත් රැසකට ලබන 13 වනදා සිට 17 වනදා දක්වා අධික වර්ෂාපතනයෙන්, ගංවතුරෙන් හා නායයාම්වලින් දැඩි හානි සිදුවිය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු ඇගවිමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
පසුගිය කාලය පුරා උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් උතුරු දිග පාකිස්තානයේ ග්ලැසියර හා හිම දියවී යාම වේගවත් වීම ගංගා ජල මට්ටම ඉහළ යාමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.