ගංජා හේනක් වටලා වියළි ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ තණමල්විල, නිකවැව ප්‍රදේශයේදී තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ(29) දින වැටලීමක් සිදු කර තිබෙනවා.
එහිදී වගා කර තිබූ ලක්ෂ හතරක් පමණ ගංජා ගස් ප්‍රමාණයක් සහ වියළි ගංජා කිලෝ 128ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 38, 52 සහ 61 යන වයස්වල පසුවන ඇඹිලිපිටිය සහ මිද්දෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
වගා කර තිබූ විවිධ ප්‍රමාණයේ උසින් යුත් ගංජා ගස් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සාම්පල් ලෙස ලබාගෙන ඉතිරිය එම ස්ථානයේදීම විනාශ කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













