දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව අලුත් ගෙදර ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්‍රීඩ් කුෂ් පැල තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 33ක් වූ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනිබටයෙක් බවයි වාර්තා වන්නේ.
එම සැකකරු සමග අඩි 2 -1/2 – 3 ආදී විවිධ ප්‍රමාණවලින් ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ 36 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් සඳහන්.