ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඛනිජ ක්ෂේත්‍රයේ ආයෝජන රැසකට ඔවුන් එකඟතාව පල කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඉන්දීය ව්‍යවසාකයින් දිවයිනට පැමිණ ඇත්තේ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලයකට අනුවයි.
ඉන්දියාවේ ඛණිජ කර්මාන්තය හා සම්බන්ධ රාජ්‍ය ව්‍යාපාරවල නියෝජිතයින් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණි අතර එම ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රධානීන් අතර සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදීයි පැවැත්වුණා.
ලංකා ග්‍රැෆයිට් සමාගමේ කැණීම් කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දීමට සහ අගය එකතු කිරීම වෙනුවෙන් ආයෝජන සිදු කිරීමට මෙහිදී එකඟතාව පල වී තිබෙනවා.
ලංකා ඛණිජවැලි සමාගමේ නිෂ්පාදන වෙනුවෙන් අගය එකතු කිරීම සඳහා ආයෝජන සිදු කිරීමද ඒ අතරට ඇතුළත්.
මේ අතර ලංකා ෆොස්පේට් සමාගම වෙනුවෙන් සුපර් ෆොස්පේට් නිෂ්පාදය සඳහා ආයෝජන සිදු කිරීමටත්, අවශ්‍ය මැදිහත්වීම් සඳහා දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බවත් වාර්තා වුණේ.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි














