ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඛනිජ ක්ෂේත්‍රයේ ආයෝජන රැසකට ඔවුන් එකඟතාව පල කර ඇති බවයි වාර්තා වුනේ.
මෙම ඉන්දීය ව්‍යවසාකයන් දිවයිනට පැමිණියේ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලයකට අනුවයි.
ඉන්දියාවේ ඛණිජ කර්මාන්තය හා සම්බන්ධ රාජ්‍ය ව්‍යාපාරවල නියෝජිතයන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණි අතර එම ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රධානීන් අතර සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදීයි පැවැත්වා තිබුණා. .
ලංකා ග්‍රැෆයිට් සමාගමේ කැණීම් කටයුතු සදහා තාක්ෂණික සහාය ලබාදීමට සහ අගය එකතු කිරීම වෙනුවෙන් ආයෝජන සිදු කිරීමට මෙහිදී එකඟතාව පල කෙරුණා.
ලංකා ඛණිජවැලි සමාගමේ නිෂ්පාදන වෙනුවෙන් අගය එකතු කිරීම සඳහා ආයෝජන සිදු කිරීමත් ඒ අතර වනවා.
ලංකා ෆොස්පේට් සමාගම වෙනුවෙන් සුපර් ෆොස්පේට් නිෂ්පාදය සඳහා ආයෝජන සිදු කිරීමටත් අවශ්‍ය මැදිහත්වීම් සඳහාත් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බවයි වාර්තා වුනේ.
මෙම සාකච්ඡාව පැවැත්වුණේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනුයි
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














