පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ කෝප් කමිටු සාමාජිකයින් 5 දෙනෙකු පමණක් බවට වාර්තා වනවා.
ඒ අනුව ඔවුන් ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.
ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් යන මන්ත්‍රීවරුන් පමණක් මෙලෙස ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබෙනවා.
මීට අමතරව අනුර දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ෂානක්‍යන් රාසමානික්කම්, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ සහ හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට විවිධ අවස්ථාවන් වලදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊට අදාළ ලිඛිත දැනුම්දීම මෙතෙක් සිදු කර නොමැති අතර, ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දෙන තුරු ඉල්ලා අස්වීම් වලංගු නොවන බවය පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











