අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 ග්‍රෑම් 838ක තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ආදළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුනා.
එහි වටිනාකම රුපියල් කෝටි 90කට අධික බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සදහන් කලේ.












