රුපියල් කොටි 18 කට අධික වටිනාකමකින් යුත් ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් .
මෙහිදී සැකකරු සන්තකයේ තිබී හමුවී ඇති “හෂීෂ්” මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 253 ක්.
එම මත්ද්‍රව්‍ය තොගය පොලිතීන් ඇසුරුම් 06 ක් තුළ ඇසුරුම් 72 ක් තුල අසුරා තිබී ඇති බවද වාර්තා වනවා.
ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගයද රැගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී අදාළ වැටලීම සිදු කල බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සදහන් කලේ
ඔහු 21 හැවිරිදි කැනඩා ජාතික උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙකු වනවා .













