වත්තල, පල්ලියවත්ත නිවසක සඟවා තිබූ කිලෝ 39 කට ආසන්න කේරළ ගංජා තොගයක් කැලණිය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර ඇති බව සඳහන්. පොලිස් භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බවයි පොලීසිය පැවසුවේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබූ බවත්, අදාළ වැටලීමේදී සැකකරුවන් හය දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
- කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය නිදහස් චතුරස්රයට රැගෙන එයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
- මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
- ඉන්දියාවේ සිදු වූ දුම්රිය අනතුරකින් 60 කට තුවාල
- උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !
- වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්













