රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට විවාහක තරුණ යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හල්දුම්මුල්ල පොලිසිය කියා සියේ හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී අද(01) අදාළ ුතරුණ යුවල අත්අඩංගුවටව ගැනුණු බවයි.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් තරුණයා 19 වන වියේ පසුවන බවත් තරුණිය 20 වන වියේ පසුවන බවත් පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හල්දුම්මුල්ල වටගමුව ප්‍රදේශයේ පදිංචි යුවලක් වන අතර තරුණයාගේ මුල් පදිංචිය ගල්කිස්ස ප්‍රදේශයේ බවද පොලිසිය කියා සිටියා.