කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය මගින් නව පිළිකා ඖෂධයක් සොයාගෙන තිබෙනවා .මෙම පිළිකා ඖෂධය වසර 14ක් පුරා සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් බවයි මහාචාර්ය සමින්ද සමරකෝන් මහතා ප්‍රකාශ කළේ.
එම ඖෂධය සඳහා යොදා ගන්නා සියලු ද්‍රව්‍ය දේශීයව ලබාගැනීමට හැකිවීම එහි සුවිශේෂත්වයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මේ වනවිටත් මෙම ඖෂධය කැප්සූලයක් ලෙස වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ඔහු පවසනවා.