ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග දෙකක් ඊයේ නිමාවට පත්වුණා.
එහිදී කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය ලකුණු 27ට 20ක් ලෙස පරාජය කරමින් කොළඹ වෙස්ලි විද්‍යාලය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට වෙස්ලි විදුහල ලකුණු 27-10 ක් ලෙස ඉදිරියෙන් සිටියා.
දෙවැනි අර්ධයේදී ලකුණු 10 ක් රැස්කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් වුවද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව වෙස්ලි විදුහලට තරගයේ ජය හිමිවුණා.
මේ අතර කොළඹ ලුම්ඹිනි විද්‍යාලයට එරෙහිව පැවැති තරගයේ ජය පිළියන්ද සෙන්ට්‍රල් විද්‍යාලයට හිමිවුණා.
තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුණේ ලකුණු 25 ට 21ක් ලෙසයි.
එමෙන්ම අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
මෙහිදී ප්‍රිනිස්ඔස් වෙල්ස් විද්‍යාලය , කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය සමගින් ද සහිරා විද්‍යාලය , ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමගින්ද තරග වැදීමට නියමිතයි.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














