කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය අද පැවැත්වෙනවා.
මේ වන විට මහ නගර සභාව සඳහා වන නගරාධිපතිවරයා තෝරා ගැනීමට නියමිතයි.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ නම යෝජනා වී ඇති අතර විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රීසා සාරුක්ගේ නම යෝජනා වී තිබෙනවා.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝනා කළා.
එහිදී ජාතික ජන බලවේගය රහස්‍ය ඡන්දයක් ලබාදෙන ලෙසත් සමගි ජන බලවේගය විවෘත ඡන්දයක් ලබාදෙන ලෙසත් යෝජනා කළා.
පවත්වනු ලබන ඡන්දය රහස්‍ය ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද සම්බන්ධයෙන් සභාව තුළ උණුසුම් තත්ත්වයක් මතු වූවා.
කෙසේ වෙතත් අවසානයේ තීරණය වූයේ රහස්‍ය ඡන්දයක් පැවැත්වීමටයි.
ඒ අනුව මේ වන විට අදාළ රහස් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකාවේ දැක්වෙන ආකාරය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පැහැදිළි කිරීමක්ද කළා.