කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින්.
ඒ අනුව ජුනි 16 වන දින උදෑසන 9.30 කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම නගර ශාලාවේ පැවැත්වීමට නියමිතයි.
එහිදී නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුවනු ඇති.
කොළඹ මහා නගර සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට පූර්ණ බහුතරයක් නොලැබුණු අතර, ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකම නිවේදනය කර ඇත්තේ නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහාය ලබාගෙන ඇති බවයි.