කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනිවර ඡන්ද විමසීම ලබන බදාදා(31) වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
කොළඹ නගරාධිපතිනී ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පසුගිය 22 වනදා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඊට අදාළ ඡන්ද විමසීම එදිනම රාත්‍රී කාලයේදී සිදු කෙරුණා.
එහිදී වැඩි ඡන්ද තුනකින් අයවැය පරාජයට පත් වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 57ක් සහ විපක්ෂව ඡන්ද 60ක් හිමි වූවා.
පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනිවර ඡන් විමසීම ලබන 31 වන බදාදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.













