අයහපත් කාලගුණය හේතුවෙන් හානි වූ කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාඔය සහ නාත්තන්ඩිය අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.
වලහපිටිය උප දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්න ඉපැරණි දුම්රිය යකඩ පාලමට සම්බන්ධ භූමි පෙදෙස ජල පහර හේතුවෙන් විනාශ වූ අතර එය ද පිළිසකර කරමින් පවතින බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ හලාවත බෝලවත්ත දුම්රිය නඩත්තු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














