හෙට දිනයේ කොළඹ 01 -15 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකතුත් කරමින් සඳහන් කළා.
හෙට පෙරවරු 10..00 සිට රාත්‍රී 08.00 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන පොම්පරගාරයට සැපයෙන විදුලිය අත්හිටු වීම හේතුවෙන් බත්තරමුල්ල , පැලවත්ත , හෝකන්දර, කොස්වත්ත , තලවතුගොඩ , කෝට්ටේ , රාජගිරිය , මාදිවෙල , නුගේගොඩ , නාවල කොළොන්නාව , IDH කොටිකාවත්ත , අංගොඩ වැල්ලම්පිටිය , ඔරුගොඩවත්ත , මහරගම බොරලැස්ගමුව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.