කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවන කරන රියදුරන්ට අවධානයෙන් ගමන් කරන ලෙස දැනුම් දී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
එමෙන්ම එම මාර්ගයට ගල් සහ ගස් කඩාවැටීමේ අවධානමක් පවතින බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ.
මේ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය භාවිතා කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙනවා.