කොළඹ රථවාහන තදබදයට ස්ථිර විසඳුමක් දීමට කඩිනමින් බහු මහල් රථගාල් කිහිපයක් කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
කොළඹ නගරය ආශ්‍රිතව තාවකාලික රථ ගාල් 20ක් සඳහා අලුතින් ටෙන්ඩර් කැඳවා ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.
පසුගිය කාලයේ මෙම රථගාල් සඳහා ඉඩම් නිදහස් කිරීමේදී ගැටලුසහගත තත්වයන් මතුව තිබුණා.
මෙම ගැටලුකාරී තත්වයන් අධ්‍යයනය කිරීමෙන් පසු විනිවිදභාවයකින් යුතුව ටෙන්ඩර් ප්‍රධානය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
එමෙන්ම, තවත් රථගාල් කිහිපයක් අලුතින් පිහිටුවීමටත් එම අධිකාරිය සැලසුම් කර ඇති බවයි වාර්තා වුනේ.
නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ, මෙම රථගාල් පිහිටුවීමත් සමග කොළඹ නගරය හා පිවිසුම් මාර්ග ආශ්‍රිතව රථ වාහන තදබදය අවම කිරීමට හැකි වන බවයි.
උණුසුම් පුවත්
- මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා
- පහරදීමකින් තරුණයෙකු මරුට
- ජනපති මාලදිවයින බලා පිටත්ව යයි
- යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
- කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
- පළාත් දෙකකට සිහින් වැසි
- අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
- වැඩිවෙන විනාඩි තිහට වැඩිපුර පඩි දෙන්න