කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතුවලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ නිසා ආකාරව ක්‍රියා කිරීමේ ගැටලු මතුවුවහොත් කොළඹ නගරයට ජල සැපයුම් අවධානමට ලක්වන බවයි.
අඩි 07කට ආසන්න ප්‍රමාණයකට ජල මට්ටම ඉහළ ගියහොත් අඹතලේ ජල පවිත්‍රාගාරයේ නිසි ආකාරව ක්‍රියා කිරීමේ ගැටලු මතුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් මේ වන විටත් බස්නාහිර පළාතේ කිසිදු ගැටලුවකින් තොරව ජල සම්පාදනය සිදුකරන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කලා.












