වෙඩි තැබීමකට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ පසුගිය ජුනි මස 15 වන දින අලුයම් කාලයේදී කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර පලායාමේ සිද්ධිය සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගත් සැකකරු කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිිපත් කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා.
කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.