කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී අද(31) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් වයස අවුරුදු 23ක් වූ දූවමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සංචාරක මඟපෙන්වන්නෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කැස්බෑ සංරක්ෂක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අයෙකුගේ පුත්‍රයා නිවසේ සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
මෙම වෙඩි තැබීම සඳහා ටී56 ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරන බවයි පොලිසිය කියා සිටියේ.
ඝාතනයට හේතුවෙ හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැති බවයි වාර්තා වන්නේ.
මේ අතර වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කරන යතුරු පැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වනවා.
පොලිසිය කියා සිටියේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හයක් පමණ දුරකින් වූ කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසල ගඟට පෙරලා දමා තිබියදී සොයා ගත් බවයි.