කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි.
වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ වයස අවුරුදු 12, 30 සහ 44 යන වයස්වල පසුවන තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
12 හැවිරිදි සහ 30 හැවිරිදි දෙදෙනා එකම පවුලේ මව සහ දියණිය බවයි පොලිසිය පවසන්නේ.
අනෙක් වයස අවුරුදු 44 වන තැනැත්තා පිරිමි පුද්ගලයෙකු බවද පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ලට රෝහලට ඇතුළත් කර ඇති බවය කොස්ගම පොලිසිය පවසනවා.
හංවැල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා යළි නිවස වෙත ගමන් කරමින් සිටින අතරතුර මොවුන් කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ වූ 12 හැවිරිදි හා 30 හැවිරිදි කාන්තාවන් දෙදෙනා සහ අනෙක් පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කොටහැර පොඩ්ඩා නමැත්තෙක් බවයි.
තුවාලකාර මව දියණිය සහ තවත් පිරිමි පුද්ගලයෙක් කුලී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.