දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඩැනියෙල් බාලාජි ඊයේ (29) ජීවිතක්ෂයට පත්ව තිබේ.
48 වියේ පසු වූ ඔහු හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු මෙසේ මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
පුංචි තිරයෙන් සිය රක්ගන දිවිය ආරම්භ කළ ඩැනියෙල් බාලාජි Vada Chennai, Bairavaa, Bangalore Underworld වැනි සුපිරි දමිළ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී තිබුණා.