කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් 2025‑02‑19 දින සහ 2025-07-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය හිමි වුණා.
ඒ අනුව, කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ කර තිබෙනවා.
යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනවා.