කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බව කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් පවසනවා.
ඔහු මේ බව සදහන්කර ඇත්තේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර පසුගියදා පැවැති හමුවකදීයි.
එහිදී අමාත්‍යවරයා කොරියාවේ ශ්‍රමික වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින්ට ලබාදී ඇති අවස්ථාව පිළිබඳව එරට රජයට සිය ස්තූතිය පළ කර තිබෙනවා.
එමෙන්ම ඉතා හොඳ පුහුණු ශ්‍රමික බලකායක් ශ්‍රී ලංකාව සතුව පවතින බවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.
මේ හේතුවෙන් කොරියානු ආයෝජකයින් ලංකාවේ ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දායකත්වය මෙරටදී ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා ප්‍රමුඛ කොරියානු නියෝජිතයින්ගේ අවධානය යොමුව තිබෙනවා.












