නායයාමේ අවදානමක් හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා ඇති කොත්මලේ තවලන්තැන්න, කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය කොත්මලේ තවලන්තැන්නේ පිහිටි තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වානෙ යාමට තීරණය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පවසනවා.
එම පාසලට පිවිසෙන මාර්ගයේ ස්ථාන කිහිපයක් සහ පාසල රම්බොඩ ප්‍රදේශයේ නායයාම ආරම්භ වී ඇත්තේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය අසලින් නිසා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු සිදු කරන විදුහල්පතිවරයා සහ ආචාර්ය මන්ඩලයේ මානසිකත්වය සලකා බලා මෙම තීරණය ගත් බවයි මංජුල සුරවීර ආරච්චි මහතා කියා සිටියේ.
තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් තිබෙන නිසා හිස් ගොඩනැගිනිවල පන්ති කාමර සකස් කර එහි අධ්‍යයන කටයුතු ඉදිරි දින කිහිපයේ සිදු කිරීමට අවශ්‍ය මූලික කටයුතු කොත්මලේ කලාප කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
එම පාසලේ 1 වසරේ සිට 11 වසර දක්වා ළමුන් 143 දෙනෙක් සහ ආචාර්ය මණ්ඩලයේ 13 දෙනෙකුගෙන් සමන්විත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියා.












