ගෙවල් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ නුගේගොඩ කොට්ඨාසයේ සිදුව ඇති ගෙවල් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ සම්බන්ධ විමර්ශනය සිදු කළ බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සැකකරුවෙකු ඊයේ(23) මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් පමණ වන සැකකරුවෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙක්ක සඳහා විවෘත වරෙන්තු නිකුත් වී සිටින වරෙන්තුකරුවෙකු බවටයි.
සැකකරු විසින් කොට්ටාව සහ මහරගම පොලිස් වසමේදී සිදු කර ඇති ගෙවල් බිඳ සොරකම් කිරීම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සැකකරු විසින් සොරකම් කරන ලද ලැප්ටොප් යන්ත්‍රයක්, ග්‍රෑම් 16ක් බ රන් කැබැල්ලක්, පවුම් එකක් බර රන් කැබැල්ලක් සහ පවුම් බාගයක් බර රන් කැබැල්ලක් පොලිස් භාරයට ගන තිබෙනවා.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.