කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










