පසුගියදා සියදිවි නසාගත් 16 හැවිරිදි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සැකකාර ගුරුවරයා මේ වනවිට ඇප මත මුදා හැර ඇති අතර ඔහුගේ විදෙස් ගමන් තහනමකට ලක් කර ඇති බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කොටහේන ගල්පොත්ත වීදියේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි මෙම සිසුවිය එහි 6 වැනි මහළෙන් පැන දිවිනසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වැනිදායි. .
අනතුරුව එම සිසුවියගේ මව්පියන් මැයි 4වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාසලේ ගුරුවරයකුගේ ක්‍රියාකලාපය හා උපකාරක පන්ති ගුරුවරයකුගේ ක්‍රියාකලාපය ඇගේ මරණයට බලපෑ බවට චෝදනා කර තිබෙනවා.
ඒ අනුව සිසුවියගේ මරණයට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මැයි 8වනදා කොළඹ ස්ථාන තුනකදී උද්ඝෝෂන පැවැත්වුනා.
මේ අතර ජීවිතක්ෂයට පත්දැරිය සම්බන්ධව චෝදනා එල්ල වූ පෞද්ගලික උපකාරක පන්ති හිමිකරු ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මීට අදාළ නඩුව මැයි 19 වැනිදා යළි කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.