පසුගියදා කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ආධාර සහ අනුබල ලබාදුන් බව කියන තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධය සිදු කිරීමට වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සැකකරු සහ අපරාධය සිදුකිරීමට සැකකරුවන්ට නවාතැන් පහසුකම් සපයන ලද සැකකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන්ගෙන් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් පමණ වන මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.
මේ වන විට රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගනිමින් ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරමින් පවතිනවා.
මෙම මස 7 වැනිදා කොටහේන, 16 වන පටුමග ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදු වූණා.
එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩු කන්නා නමැත්තාගේ ගෝලයෙකු බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.













