මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේ දී අඩු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
පසුගිය වසරේ රුපියල් බිලියන 341 ක් අච්චු ගසා ඇති අතර මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා අච්චු ගසා ඇති මුදල රුපියල් බිලියන බිලියන 47ක් පමණක් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා
මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේතමන් මාසිකව ලබා ගන්නා වැටුප සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවයි.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබාගන්නා බවටද සිදු කර තිබූ ප්‍රකාශ මහ බැංකු අධිපතිවරයා මෙහිදී තරයේ ප්‍රතික්ෂේප කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ රජයේ නිලධාරියෙකු ලෙස මාසයකට රුපියල් ලක්ෂ 4 ක මුදලක් ලැබෙන බවයි.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














