කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්වී සිදුකළ වැටලීමකදී අද (30) අලුයම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන තිබෙනවා.
ගුවන් මගින් මෙම මත් ද්‍රව්‍යය මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු
වයස අවුරුදු 38ක් වන ඉතාලි ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.
සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ටෙඩිබෙයා(ර්) තුනක සඟවාගෙන රැගෙනවිත් තිබෙනවා.