අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී නියෝග කළා.
එමෙන්ම අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටද මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නා.
සැකකාර රමිත් රඹුක්වැල්ලට හෙට දින අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත් වරිය විසින් නියෝගයක් නිකුත් කළා.