ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුවක් අද කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිත ව තිබෙනවා.
නීතිපතිවරයා විසින් පසුගිය 07 වනදා අධි චෝදනා පත්‍ර සළකා බැලීමෙන් අනතුරුවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබුණේ.
හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ෂණය සිදු කරනු ලබනවා.
එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක්ද එල්ල කර තිබුණා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










