අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ජුනි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් දෙන ලද නියෝගයකට අනුවයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවදියේදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් 15 දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් උපයා ගැනීම හරහා රජයට පාඩුවක් සිදු කළ බවට එල්ල වන චෝදනාවට අදාළව අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
අදාළ සැකකරුට මහනුවර පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුවක් පවතින බවත් එය හිටපු අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිත කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වූ බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ.