2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයාව ලෙස සිටියදී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල් භාවිතා කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන මෙම නඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමටයි මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අවසර ලබා දුන්නේ.
අනතුරුව නඩු විභාගය ජූලි මස 22 වනදා පැවැත්වීමටද දින නියම වුණා.