කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කරන ලද කාන්තාවක් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.
ඒ 2021 හා 2024 කාලයේදී හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනෙකු නාමිකව පත් කර එම සේවකයින්ට රජයෙන් ගෙවන ලද වැටුප් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.
අදාළ කාන්තාව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඊයේ(11) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි නිපුනි ක්‍රිෂ්ණජිනා නමැති කාන්තාවකි.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට පවසා ඇත්තේ සිදු කරනු ලබන විමර්ශනයන්ට අදාළව මෙම කාන්තාවද අත්අඩංගුවට ගැනුණු බවයි.