විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින පාතාල කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මෙම ගිනි අවිය සහ පතොරම් තොගය සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව, විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.
එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් තුල මෙම ගිනිඅවිය සහ පතොරොම් තොගය සගවා තිබු බවයි පොලිසිය සදහන් කලේ













