කෙසෙල්වත්ත ප්‍රදේශයේ අතහැර දැමුණු ජල ටැංකියක තිබී විදෙස් රටක නිෂ්පාදනය කරන ලද පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.
කෙසෙල්වත්ත, සාංචිආරච්චිවත්ත ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක අතහැර දැමුණු ජල ටැංකියක තිබී මෙම පිස්තෝල වර්ගයේ ගිනි අවිය සහ පතොරොම් 29ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසෙල්වත්ත පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී ගිනි අවිය සහ පතරොම් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙම අවිය කලකට පෙර එහි දමා ඇති බවට නිරීක්ෂණය වන අතර එහි ඇතැම් කොටස් මල බැඳී දිරිපත්ව ඇති බවයි.
මෙම ගිනි අවිය සහ උණ්ඩ එම ස්ථානයට ගෙනැවිත් දැමූ පුද්ගලයන් සොයා කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













