කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජල ගලා බසිනා කෙසෙල්ගමු ඔය අසල තෙරේසියා වත්තේ එළවළු වගා කොටුවක බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් මැණික් ගරමින් සිටින පුද්ගලයන් සිව්දෙනෙක් බගවන්තලාව පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ(09) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බගවන්තලාව පොලිසියේ ඇතැම් පොලිස් නිලධාරීන්ගේද සහයෝගය මත එම පුද්ගලයන් සිව්දෙනා මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමග මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව තෙරේසියා වත්තේ පදිංචිකරුවන් බවත් එම සැකකරුවන් සිව්දෙනා පොලිස් ඇපමත මුදාහැර අඑම සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවත් වැටලීමට එක්වූ බගවන්තලාව පොලිසියේ නිලධාරීන් කියා සිටියා.













