ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ ඉදිරි මහ කන්න දෙකක් සඳහා වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර ගොවින් වෙත නොමිලේ ලබා දීමටද තීරණය කර ඇති බවයි.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමත්‍යවරයා මෙම අදහස් පල කලා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම්මාන 160ක් තෝරාගෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස ව්‍යාපෘති ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි.
එහි පළමු අදියර වශයෙන් සෑම ගමකම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10 බැගින් ලබා දීමටද තීරණය කර ඇති බවයි ඒ මහතා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










