ජාතික වගා රක්ෂන යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1669ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂන මණ්ඩලය පවසනවා.
ඒ අනුව වී, බඩ ඉරිඟු, මිරිස් සහ අර්තාපල් යන වගාවන් සඳහා ගොවීන් 81234 දෙනෙක්ට මෙමගින් ප්‍රතිලාභ ලබා දී ඇති බව එම මණ්ඩලය පවසනවා.
මීට අමතරව පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගවයන් එළුවන් රක්ෂණ ව්‍යාපෘතීන් රැසක්ද ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.
මෙම වසරේදී ගොවිජන රක්ෂන මන්ඩලයේ මූල්‍ය වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 2491ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි ව ඇති බවයි වාර්තා වන්නේ.