ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙන්.
උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්ය කුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බවයි.
කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබුවා.
තරගය නිමවීමෙන් පසුව කණ්ඩායම් දෙක අතට අත දී ආචාර කිරීම ද ප්‍රතික්ෂේප කළා.
ඊයේ පැවැති ආසියානු කුසලාන අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 147 ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා.